දීඝාවූ උපාසක සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප
නම්ලත් උණවනයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි දීඝාවූ උපාසකතෙම
රෝගාතුරවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන් වූයේ වෙයි. ඉක්බිති දීඝාවූ උපාසක තෙම පියාවන ජොතික නම් ගෘහපතියාහට කථාකොට මෙසේ කීය.
දීඝාවූ :
දීඝාවූ :
ගෘහපතිය, ඔබ මෙහි එනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යනු මැනව. ගොස් ‘ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම
රෝගාතුරවූයේ, දුකටපත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් සිරසින්
වඳීයයි’ කියා මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදය සිරසින් වඳිනු මැනවි. වැඳ මෙසේත් කියන්න. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා
එතැන්හි වඩිනසේක් නම් හොඳය’ කියායි.
ජොතිය ගෘහපතිතෙම :
දරුව එසේයයි.
භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි ගියේය. ගොස් භාග්‍යවතුන්වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ජොතිය ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
ජොතිය ගෘහපතිතෙම :
ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේත් කියයි. 'ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක්නම් හොඳය’ කියායි.
ස්වාමීනි, දීඝාවූ උපාසකතෙම රෝගාතුරවූයේ, දුකට පත්වූයේ දැඩි ගිලන්වූයේ වෙයි. හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් සිරසින් වඳියි. මෙසේත් කියයි. 'ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාගේ ගෙදර යම් තැනෙක්හිද අනුකම්පා උපදවා එතැන්හි වඩිනසේක්නම් හොඳය’ කියායි.
භාග්‍යවතුන් වහන්සේ එය නිශ්ශබ්ද භාවයෙන් ඉවසූසේක. ඉක්බිති භාග්‍යවතුන්
වහන්සේ පාත්‍ර සිවුරු ගෙන, දීඝාවූ උපාසකයාගේ ගෙදර යම්තැනෙක්හිද එතැන්හි
වැඩිසේක. වැඩ, පණවන ලද ආසනයෙහි වැඩ සිටිසේක. වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ
උපාසකයාහට මෙය වදාළසේක.
බුදුන් වහන්සේ :
කිම, දීඝාවූ, නුඹට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද? කිම, දුක් වේදනාවෝ සංසිඳෙත්ද? නොවැඩෙත්ද? සංසිඳෙන බවක් පෙනේද? වැඩෙන බවක් නොපෙනේද?
දීඝාවූ :
ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ බලවත්වූ දුක් වේදනාවෝ නොසංසිඳෙත්. වැඩෙන බව පෙනෙත්. සංසිඳෙන බවක් නොපෙනේය.
බුදුන් වහන්සේ :
දීඝාවූ, එසේ නම් මෙහිදී නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි.
1. බුදු ගුණ
- ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අර්හත් වෙන සේක
- සම්‍යක් සම්බුද්ධ වනසේක
- විජ්ජාචරණ සම්පන්න වන සේක
- සුගත වන සේක
- ලෝකවිදූ වන සේක
- අනුත්තර පුරිසදම්මසාරථි වන සේක
- දෙවි මිනිසුන්ගේ ශාස්තෲ වන සේක
- චතුරාර්ය සත්‍යය අවබෝධ කළ සේක
- භාග්‍යවත් වන සේකැයි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද
2. ධර්මයේ ගුණ
- ධර්මය තෙම බුදුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද්දේය
- මේ ආත්මයෙහිම දෙන ඵල ඇත්තේය
- කල් නොයවා විපාක දෙන්නේය
- එව බලවයි පෙන්වියහැකි ගුණ ඇත්තේය
- තමන් තුළ එළවා වැඩියයුතු ගුණයෙන් යුක්තවූයේය
- නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේයයි
- මෙසේ ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද
3. සංඝයාගේ ගුණ
- භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම ශාසන ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය
- ඍජුව පිළිපන්නේය
- නිවනට සුදුසුව පිළිපන්නේය
- ගරුබුහුමනට යෝග්‍යව පිළිපන්නේය
- යම් මේ පුරිස යුග සතරක් වෙත්ද
- පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද
- මේ ශ්‍රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙළකළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය
- තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය
- කම්පල අදහා දෙන ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු වූ සේක
- වැඳීමට සුදුසු වූයේය
- ලෝකයාගේ උතුම් පින් කෙතය
- මෙසේ සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්තවූයේ වෙයිද
4. ආර්යකාන්ත සීලය
- නොකැඩුනාවූ
- සිදුරු නොවූ
- කබර නොවූ
- කැළල් නොවූ
- නිදහස්වූ නුවණ ඇත්තන් විසින් ප්‍රසංසා කරන ලද්දාවූ
- තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්ශනය නොකරන ලද්දාවූ
- සමාධිය පිණිස පවතින්නාවූ
- ආර්‍යයන් කැමති ශීලයෙන් යුක්තවූයේ වෙයිද
දීඝාවූ :
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සෝතාපත්තියංග ධර්ම
සතරක් දේශනා කරන ලද්දාහුද ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහුය. ඒ ධර්මයන්හි මම දකිනු
ලබමි.
බුදුන් වහන්සේ :
දීඝාවූ, එසේනම් මෙහිදී ඔබ මේ සතර සෝතාපත්ති අංගයන්හි පිහිටා, මතු හය වැදෑරුම් විජ්ජාභාගීය ධර්මයන් වඩන්න. දීඝාවූ, ඔබ මෙහිදී
1. සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින්
2. අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ඇතිව
3. දුකෙහි අනාත්ම සංඥාව ඇතිව
4. පහාණ සංඥාව ඇතිව
5. විරාග සංඥාව ඇතිව
6. නිරෝධ සංඥාව ඇතිව, වාසය කරන්න
දීඝාවූ මෙසේ වනාහි ඔබ විසින් හික්මිය යුතුවන්නේය.
දීඝාවූ, එසේනම් මෙහිදී ඔබ මේ සතර සෝතාපත්ති අංගයන්හි පිහිටා, මතු හය වැදෑරුම් විජ්ජාභාගීය ධර්මයන් වඩන්න. දීඝාවූ, ඔබ මෙහිදී
1. සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍යය අනුව බලමින්
2. අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ඇතිව
3. දුකෙහි අනාත්ම සංඥාව ඇතිව
4. පහාණ සංඥාව ඇතිව
5. විරාග සංඥාව ඇතිව
6. නිරෝධ සංඥාව ඇතිව, වාසය කරන්න
දීඝාවූ මෙසේ වනාහි ඔබ විසින් හික්මිය යුතුවන්නේය.
දීඝාවූ :
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් මේ විජ්ජාභාගීය ධර්මයෝ සය දෙනෙක් දේශනා කරන ලද්දාහුද, ඒ ධර්මයෝ මා කෙරෙහි ඇත්තාහුය. මම ඒ ධර්මයන්හි දකිනු ලබමි. ස්වාමීනි, එතකුදුවුවත් මට මෙසේ සිතේ. මේ ජොතිය ගෘහපතිතෙම මාගේ මරණයෙන් පසු දුකට පත් නොවේවායි කියායි.
බුදුන් වහන්සේ :
දරුව, දීඝාවූ, ඔබ එසේ නොසිතන්න. දරුව දීඝාවූ, යමක් භාග්‍යවතුන්වහන්සේ වදාළේනම් ඔබ එයම මනාකොට මෙනෙහි කරන්න.
දරුව, දීඝාවූ, ඔබ එසේ නොසිතන්න. දරුව දීඝාවූ, යමක් භාග්‍යවතුන්වහන්සේ වදාළේනම් ඔබ එයම මනාකොට මෙනෙහි කරන්න.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දීඝාවූ උපාසකයාහට මේ අවවාදයෙන්
අවවාදකොට හුනස්නෙන් නැඟිට වැඩිසේක ඉක්බිති දීඝාවූ උපාසකතෙම භාග්‍යවතුන් වහන්සේ
වැඩි නොබෝ වේලාවකින් කළුරිය කෙළේය.
එකල්හි බොහෝ
භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක
හුන්නාහුය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටි අවවාදයකින් අවවාද කරන ලද්දාවූ යම් ඒ දීඝාවූ නම් උපාසකයෙක් වූයේද, හෙතෙම කළුරිය කෙළේය. ඔහුට කිනම් ගතියක්වීද, පරලොව කුමක්ද?
බුදුන් වහන්සේ :
මහණෙනි, දීඝාවූ උපාසකතෙම පණ්ඩිතයෙක් විය,ලෝකෝත්තර ධර්මයට අනුකූල ධර්මයෙහි පිළිපැද්දේය. ධර්මාවබෝධය කරුණුකොට මා නොවෙහෙසවිය. දීඝාවූ උපාසකතෙම ඔරම්භාගීය සංයොජන පස ක්ෂය කිරීමෙන් ඒ බඹලොව පිරිනිවෙන්නාවූ, ඒ ලෝකයෙන් නැවත ආපසු නොඑන්නාවූ, ඔපපාතිකයෙක් වන්නේයයි !
සංයුත්ත නිකාය ==> මහා වග්ග පාළි ==> සොතාපත්ති සංයුත්තය ==> වේළුද්වාර වර්ගය ==> ආබාධික දීඝාවූ සූත්‍රය
මුල් සූත්‍රය : ආබාධික දීඝාවූ සූත්‍රය
No comments:
Post a Comment